ISIS සංවිධාන සාමාජිකයෙක් සමග ශ්‍රී ලාංකිකයින් පිරිසක් සබඳතා පවත්වා ඇති බවට තොරතුරු

පසුගිය දිනක ඉන්දියාවේ දී ප්‍රබල අයි එස් සාමාජිකයෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු සමග සබඳතා පැවැත් වූ බව පවසන ශ්‍රී ලාංකිකයින් 702 දෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණු අයි එස් සාමාජිකයා මොහොමඩ් සම්සුදින් නමැත්තෙක් වන අතර ඔහුව පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය බුද්ධි අංශය විසිනි.

 ඒ අනුව ඔහු පිළිබඳව කරන ලද විමර්ශනවලදී ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හමුව ඇති බව ත්‍රස්ත මර්දන කොට්ඨාස විසින් මහාධිකරණයට දැනුම් දී ඇත.

එමෙන් ම අදාළ ගිණුමේ තිබී පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු වන සහරාන් හෂීම් නමැත්තාගේ ඡායාරූප සහ දේශන ආදිය ද සොයාගෙන ඇති බවට වාර්තා වන අතර මෙම 702 දෙනා අතුරින් එක් අයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

Exit mobile version