දකුණු ගාසා වෙත දින 3ක් තිස්සේ බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර තිබේ.
ඒ අනුව මිලියනයකට වැඩි සිවිල් වැසියන් රැකවරණය ලබන ඛාන්යුනිස් නගරය ආසන්නයට ඊශ්රායල යුද ටැංකි පවා යොමු කර ඇති බව වාර්තා වේ.
ගෙවුණු දිනය තුළ පමණක් ඝාතනයට ලක්වූ පලස්තීන සිවිල් වැසියන් ගණන 700කට අධිකය.
ඊශ්රායලය, ගාසා වෙත ප්රහාර නතර නොකළහොත් යුද්ධය තවත් දිග්ගැසෙනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි.