ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් විශේෂ සැමරුම් උත්සවයක් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එය ආරම්භ විය.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අයගේ මුලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇති බවට ආරංචි මාර්ග පවසයි.
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂයේ ක්රියාකාරී සමාජිකයින් විශාල පිරිසකට ආරාධනා කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කරයි.