වී තියෙන්නේ මාසෙකටත් අඩු කාලෙකට – වී අලෙවි මණ්ඩලය කියයි.

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බවත් , දැනට වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන්නේ වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් බවත් එහි සභාපති
බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම වී නොලැබීම හේතුවෙන් වසා තිබෙන හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණහොත් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව සභාපතිවරයා සඳහන් කරන ලදී.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ හෙට (18) දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.

Exit mobile version