දේශීය ඖෂධ නිශ්පාදකයින් විසින් නිපදවන ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ලබා ගෙන වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ක්‍රමවේදය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව දේශීය නිශ්පාදකයින් නිපදවන ඖෂධ පහළොවක් සෘජුව මිලදී ගැනීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන පන්සියයක් ඉතිරි කර ගැනීමට හැකි බව එම සංගමයේ සභාපති කළණ හේවා මල්ලිකා පෙන්වා දෙයි.
මේ පිළිබද සංගමය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දැනුවත් කර ඇත.අධි රුධිර පීඩනය , ඇඳුම , උදරාබාධ , සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග රැසක් සදහා භාවිතා කරන ඖෂධ මේ අතර වෙයි.
ඩොලරය අඩු වීමට සාපේක්ෂව තමන්ට මෙම ඖෂධ ලබා දිය හැකි මිල ගණන් ද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.
දේශීය වශයෙන් නිපදවන ඖෂධ , ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමෙන් සියයට හයක කොමිස් මුදලක් නිශ්පාදකයින්ට ගෙවීමට සිදුව ඇත.මේ නිසා ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබේ .