රාගමදී වෙඩි කෑ අයෙකුට බරපතලයි.

රාගම  වල්පොල ප්‍රදේශයේ නිවෙසකට ඊයේ දින (14) රාත්‍රියේ 8.40 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයට ලක් වූ තිදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවට රෝහල් ප්‍රකාශකයෙක් පැවසූ බව වාර්තා වේ.

යතුරුපැදියකින් ආ දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මාලු ව්‍යාපාරිකයකු, ඔහුගේ මව සහ ඒ අවස්ථාවේ එම නිවසට පැමිණ සිටි අසල්වාසි නිවෙසක 17 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ මාළු ව්‍යාපාරිකයාගේ තත්ත්වය බරපතල බවට රාගම ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පවසා තිබේ.

මෙම වෙඩි තැබීමට හේතුව මාළු ව්‍යාපාරිකයා හා පැවැති කෝන්තරයක් මත සිදුවු පාතලය ද සම්බන්ධ සිද්ධියක් බවට පොලීසිය සැක පළ කරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිම සැකකරුවෙකු අත්අඩංගුට ගෙන නැත.

රාගම පොලීසියේ ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ලබයි.
 

Exit mobile version