මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් තමන්ව ස්ථාන මාරුකිරීම සදහා ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මෙම මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇති බව වාර්තාවේ.
ඒ එම පෙත්සම අද (10) දින ප්‍රියන්ත ජයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහතුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.