ගුවන්තොටෙන් දුම්වැටි පන්නන්න බැරි වෙයි.

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්  තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ” යුක්තිය ”  මෙහෙයුම යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මේවායේ වටිනාකම රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක්  බව කියයි.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා  කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 25 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත  පුද්ගලයන් දෙදෙනෙකි .

Exit mobile version