ජාඇළ-මීගමුව මාර්ග අංක 273 පෞද්ගලික බස් රථ රියදුරන් හදිසියේම වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වැලිසර ඩිපෝ නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවට පවසමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
මගීන්ගේ අපහසුතාවය මගහැරවීමට ජාඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජාඇළ ඩිපෝවට අයත් බස් රථයක් එම මාර්ගයේ ධාවනයට මේ වනවිට යොදවා ඇත.
පහරදීම සම්බන්ධයෙන් ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.