යාපන – ඉන්දියා බෝට්ටු සේවය කල් යයි.

අප්‍රේල් මස 29 දා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වැනිදා දක්වා කල් දමා තිබෙන බවට වාර්තා වේ.

මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යාම සදහා ආගමන විගමන නිලධාරින් රේගු නිලධාරින් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් ගත වන බැවින් මෙලෙස කල් දැමීමට සිදු වන බවට ඉන්දියාව නිවේදනය කර තිබේ.

Exit mobile version