සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීම සඳහා නිවසක් ලබා දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම බන්ධනාගාර සැරයන්වරයාට අයත් නාවල , රාජගිරිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබා දී ඇති බව සඳහන්.
පොලීසිය පවසන්නේ පසුගිය ජුලි මස 14 වැනිදා ගලපිටමඩ පොලිස් වසමේ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චතුවා නැමැති සැකකරුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවස සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවයි .
එමෙන්ම පසුගිය මැයි මස 24 වන දින බොරැල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන ලද සැකකරුවන් ද මෙම නිවසේ නවාතැන් ගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ . මෙම නිවසේ තිබී කළු පැහැති ගමන් බෑගයක් , සැකකරුවන් පරිහරණය කරන ලද ඇඳුම් සහ ජංගම දුරකථනයක් සොයා ගැනීමට හැකි වී තිබෙන බව සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබන බව වාර්තා වේ.