ජපාන විදේශ අමාත්‍යවරයා එළඹෙන සතියේ දිවයිනට.

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් එළඹෙන 28 සහ 29 යන දෙදින මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත අතර මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම විදේශ අමාත්‍යවරයා හමුවීමටද නියමිත බව වාර්තා වේ .

එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සදහා අපේක්ෂා කරන බව සදහන් වේ.

Exit mobile version