ජය ශ්‍රී මහා බෝධියේ අලුත් සහල් මංගල්‍ය හෙට.

මෙම වර්ෂයේ ඉදිරි යල මහ කන්න වල අස්වනු සරුසාර කර ගැනීම උදෙසා සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වන අලුත් සහල් මංගල්‍ය ජනපතිගේ ප්‍රදානත්වයෙන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව , කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඇතුළු ආයතන ගණනාවකගේ දායකත්වයෙන්   හෙට (02) දිනයේ පැවැත්වීමට නියමිත අතර , අද (01) උදෑසන අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රදායික වතාවත් ආරම්භ කෙරුණු බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී මහා බෝධියේ සතර වාහල්කඩ දී සමාරම්භක කිරි ආහාර පූජාව අද (1) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු බව සඳහන් .

Exit mobile version