ජෙරොම් පැය 10 ක් CID එකේ.

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (30) පෙරවරු වේ සිට පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ .

දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබූ අතර එම නියෝගයට අනුව ඔහු ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලදී.

ඒ අනුව දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (30) පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර එම ප්‍රශ්න කිරීම සවස් වනවිටත් අවසන් වී නොතිබූ බව සඳහන් .

Exit mobile version