සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.
අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීමක් දීමේ අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුනක් සමත් විය යුතු බවට නියම කර තිබේ.
එම නියමය සංශෝධනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදයක් ඉකුත් 13 දිනයෙන් නිකුත් කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් හයක් සමත් විය යුතුබවට නියමකර තිබේ.
එසේ වුවත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ඔහු ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සලකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සළකා එම තැනත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.