JVP එකෙන් UNP එකට ප්‍රහාරයක්.

මැතිවරණය නිසි ලෙස ආරම්භවීමටත් ප්‍රථමවම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ආරම්භ වන්නේ වාරියපොළ ප්‍රදේශයෙනි.

එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා පෙට්ට්‍රල් බෝම්බ් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව වාර්තා වේ.

වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද, ඔහුගේ පැමිණිල්ලට අනුව  ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

Exit mobile version