කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ අතර, උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව, රත්කිඳ ප්රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමත් සමග ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.