කළු ගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින බවත් , ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්රදේශයෙන් තව දුරටත් ඉහළ යන අතර තවලම ප්රදේශයේ ඇති වී තිබූ සුළු ජල ගැලීම් තත්ත්වය මේ වන විට අඩු වෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එමෙන්ම නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්රදේශයෙන් ඉහළ යමින් පවතින අතර පිටබැද්දර ප්රදේශයෙන් වාර්තා වූ සුළු ගංවතුර තත්ත්වය මේ වන විට අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.