කළුතර මහාධිකරණයෙන් 8 කට මරණ දඩුවම.

කළුතර මහාධිකරණය විසින් පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙන බව වාර්තා වේ .

2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන්ව සිටි 8 දෙනෙකු වරදකරුවන් කරමින් අධිකරණය මෙලෙස නියෝගය ලබා දී තිබේ .

කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් එම පුද්ගලයින්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම සැකකරුවන් 08 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබූ අතර මරණ දඬුවම නියම කර ඇත්තේ කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැව්රිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන පුද්ගලයින්ටය.

වසර 20 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටි බව සඳහන් .

Exit mobile version