” ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු ” , ” සමාජ මාධ්‍ය මර්දන පනත හකුලාගනු ” යන මැයෙන් අද (09) කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා යුදහමුදාව භටපිරිස්ද කැදවා තිබෙන බව වාර්තා වේ .
කැරලි මර්දන කණ්ඩායම් මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිළධාරීන් කැදවා ඇති අතර කළුතර පාලම් දෙක අතර තලව්ව , බෝධි පරිශ්‍රය සහ අධිකරණ සංකීර්ණ ආසන්නයේ ඇතුළු ස්ථාන රැසක පොලිස් කණ්ඩායම් යොදවා තිබේ .