2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වූ අතර එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වි ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කර තිබේ.
තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 389කි.
එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 383ක් පමණි.