හිටපු නාවික හමුදාපති වන ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ යන අයට ඇමෙරිකාවට ඇතුල් වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
කරන්නාගොඩ නාවික හමුදාපති ලෙස කටයුතු කළ කාල සීමාවේදී සිඳු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2023 රාජ්‍ය දෙපාර්තමේන්තුව , විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තියට අනුව ඇමෙරිකාව විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.