සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු වී කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා බද්ද අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනතාව කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
“මත්පැන් භාවිතය අඩුවීම සිදුව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසයි. මේ සඳහා විකල්ප දෙකක් තියෙනවා. සුරා බද්ද අඩු කිරීම හෝ ගල් අරක්කු බෝතලයක මිල අයවැයෙන් අඩු කිරීම. නැතිනම් ජනතාව කසිප්පු බීලා මැරෙයි.”
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.
මෙහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශකර ඇත්තේ කසිප්පු භාවිතය ඉහළ ගොස් ඇති බව තමන්ද පිළිගන්නා බවයි. ‘‘මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නා. ඒ අය කසිප්පු ගැන දන්නේ නැහැ. සුරා බදු වැඩි කිරීමෙන් මත්පැන් භාවිතය අවම කිරීම ගැන තමයි අරමුදල කතා කරන්නේ. ලබන සාකච්ඡා වටයේදී දත්ත සහිතව කතා කරලා සහනයක් ගමු ’’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.