ගම්පහ – මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති බව වාර්තා වේ.
උඩුගම්පොල , කෙහෙල්බද්දර ප්රදේශයේ කාන්තාවක් අත්තනගලු ඔයෙහි අස්ගිරිය සපත්තු පාලම හරහා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය අවස්ථාවේදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති බවත් මෙහිදී යතුරු පැදිය ගසාගෙන ගොස් ඇති බවත් සිද්ධිය පිළිබඳ පැහැදිලි කරමින් ගම්පහ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා ප්රකාශ කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ප්රකාශ කර සිටියේ , මේ දිනවල අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ ගමන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවයි.