ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද ( 3) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවට බස්නායක නිලමේ කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද දින පෙරහැර රාත්‍රි 8.00ට පමණ මෙතෙක් පැවති ගමන් මඟ වෙනස් කරමින් දේවාලයේ දෙවැනි වාහල්කඩ දොරටුවෙන් කිරිවෙහෙර බලා පිටත් වීමට නියමිත බව සදහන්.
හෙට ( 4) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමෙන් පසු පෙරහැර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වන බව සදහන්.