රට රැකියා දෙන බවට පොරොන්දු වූ කතක් අත්අඩංගුවට.

පෝලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 13 ක් වංචා කළ කාන්තාවක් ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් සිටිය දී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ විවේකාගාරයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකාරියට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබෙන බව සඳහන් වේ.

මැය බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.

Exit mobile version