කටුනායක – කොටුව බස් වර්ජනය අවසන්.

කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන  සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ , ජා – ඇළ – කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය  අද (03)  අවසන් කර ඇති බවට ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

බත්තරමුල්ල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  ” රන්මගපාය “හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකගතා මත මෙම වර්ජනය අවසන් කර තිබේ .

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කිහිපය තුළ දී ඉවත් කිරීමටත් , අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකගතා ඇති වී තිබෙන බව සදහන්.

Exit mobile version