උපාධි සහතිකය ගෙදර තබා පැල් රකින ගෙවිලිය.

රැකියාවක් නොමැතිව ගිනියම් අව්වේ මහ පොළව සමග හැප්පෙමින් රැය පහන් වන තුරු එම වගා අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගහක්  උඩ තැනූ පැලක පැල් රකින උපාධිධාරී එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේ දී හමු වූ බව හිරු පුවත් වාර්තා කර තිබේ.

ඇය නමින් ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය. දරුවන් පස් දෙනකුගේ පවුලේ සාමාජිකයකු වූ චතුරිකා මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදිවිදුහලට ඇතුළත් වූවාය.

2014 වසරේ විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ඇය එය සාර්ථකව නිම කළාය. උපාධියෙන් අනතුරුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවන තුරු ඇවිද්දත් ඇයට සුදුසු රැකියාවක් මෙතෙක් නොලැබූ බව සදහන්.

ජීවිතය ගැටගසා ගන්නට හරිහමන් ජිවනෝපායක් නොලද ඇය අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ තම එකම දරුවාටද ආරක්ෂාව ලබා දෙමිනි.

දහවල් කාලයේ මහ පොළව සමග පොර බදින ඇය රාත්‍රී කාලයේ ගොවිපොළේ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආශාවට නොව වන අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීමටය. ඒ සෑම තැනකටම ඇයට තම කුඩා පුතුද රැගෙන යාමට සිදු ව තිබේ.

Exit mobile version