වැඩි මිලට විකුණූ කීරි සම්බා වටලයි .

පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙ‍ළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) පිටකොටුව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබූ අතර එහිදී පාලන මිලට වඩා වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන සහ කීරි සම්බා සහල් තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ගත් බව වාර්තා වේ .

එසේ සොයාගනු ලැබූ ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර ගෙන තිබේ .

අගෝස්තු 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260ක් විය.

ඇතැම් වෙළෙඳුන් පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන බවත් , ඒ පිළිබඳව දිගින් දිගටම වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version