බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවට ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇති බව වාර්තා වේ.
අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබිණ.
රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
මේ අතර ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කර තිබේ.