.පාර්සල් කරනලද කේරළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 110 ක් යාපනය අනලතිව් දුපතේදී නාවික හමුදා බාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ නාවික හමුදාව හා පොලීසිය එක්ව කරණ ලද මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කේරළ ගංජා තොගයේ වටිනා කම රුපියල් මිලියන හතරක් පමණ වන බවත් මේවා හා සම්බන්ධ සැකකරුවන් කිසිවකු තවම අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ගංජා තොගය විමර්ශන කටයුතු සදහා කයිට්ස් පොලීසිය වෙත බාරදී ඇති බව වාර්තා වේ.