උතුරු කොළඹ කොට්ඨාස බ්ලු මැන්ඩල් පොලිස් වසමේ යුක්තිය මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ දි කිඹුලා ඇළ ගුණාගේ මස්සිනා වන රාජ කුමාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසුවේ අද (11) අලුයම එම මෙහෙයුම සිදුකළ බවයි.
එම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 50ක්, යුද හමුදා නිලධාරීන් 50ක්, නාවික හමුදා නිලධාරීන් 100ක්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100ක් සහ පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන තිබේ.
එහිදී හෙරොයින් නඩු හයක් සහ හෙරොයින් හයිකෝට් නඩුවක්, අයිස් නඩු හතරක්, ගංජා නඩුවක්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෝඩා නඩුවක් සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.