ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එම නිෂ්පාදන රටවල් හතකට අපනයනනය කිරීම මඟින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට හැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම වැඩසටහන කෘෂිකාර්මික සංවර්ධන සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියක් බව සඳහන්.