වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්රදේශයේ දී ඊයේ (28) රාත්රියේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බවට වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, හොරවල ප්රදේශයේ පදිංචිව සිටි මල්ලව ආරච්චිගේ තරිදු ධනංජය නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
ප්රදේශයේ කොටහලු උත්සවයක් පැවත ඇති බවත්, පැවති පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි