කොතලාවල සරසවිය තුර්කිය සමග ගිවිසුමක්.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලය සහ තුර්කි  අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

මානව සම්පත් සංවර්ධන සහයෝගීතාවය සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙයි.

එමගින් තුර්කියේ අභ්‍යාවකාශ ආයතනයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණු ලාභියකු ලෙස සහභාගී වීමට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදාකර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය සඳහන් කරයි.

Exit mobile version