කොත්තු රයිස් මිල ඉහළට.

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, රයිස් එකක මිල රුපියල් 50කින්, ඉහළ දැමෙනු ඇති.

Exit mobile version