මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් කාන්තාවකට අයත් කෝටි ගණනක දේපොළ අධිකරණ නියෝගයක් මත ඊයේ (18) කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් භාරයට ගත් බව වාර්තා වේ.
එම දේපොළ වල ප්‍රතිග්‍රාහකයා ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න නම් කර තිබේ .
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහනුවර අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී තිබේ .