නායකත්වයේ වගකීම ගැන කුසල් කියයි.

නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් , පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් ඊයේ (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ලෝක කුසලාන තරඟාවලියේ පුහුණු තරගවලදී පන්දුවට පහරදීම යම් වෙනසක් සිදු කළ ද එය විශාල වෙනසක් නොවන බව ඔහු සඳහන් කරන ලදී .

එමෙන්ම තමන් වෙතට එන පන්දුවට වැරෙන් පහර දීමේ ක්‍රමය අනුගමනය කළ බවත් , මෙම තරගාවලියට සහභාගි වීමට පෙර නායකත්වය වැනි වෙනසක් බලාපොරොත්තු නොවූ බවත් , එය එසේ වුවද නායකත්වය පීඩනයක් කර නොගන්නා බවත් කුසල් මෙන්ඩිස් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version