උපත් ප්‍රමාණය අඩුවීම නිසා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.
2012 වසරේදී පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් 345,000 ක් ඇතුළත් කරනු ලැබූවද,2018 වසරේදී එම සංඛ්‍යාව 328,000ක් දක්වා අඩුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ 2022 වසර වන විටදී පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී තිබෙන බවයි.
පාසල් කාල සීමාව තුළදී පාසලින් ඉවත් වන දරුවන් සංඛ්‍යාව (සාමාන්‍ය පෙළ දක්වා) 2012 වසරේදී සියයට 16.07 ක් වුවත්, මේ වනවිට එය සියයට 7 කට වඩා අඩුවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
මෙලෙස පාසලින් දරුවන් ඉවත්වී ඇත්තේ 6,7,8 සහ 9 යන පන්තිවලදී බවට ඔහු පවසා තිබේ.