ලාෆ්ස් ගෑස් සමාගමද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.