නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශවලට නිකුත් කර තිබූ පළමුවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇති අතර දෙහිඕවිට, යටියන්තොට සහ කෑගල්ල ප්‍රදේශවලට නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශවලට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇති අතර කොලොන්න සහ ඉඹුල්පේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති අතර මුලටියන සහ අතුරළිය ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට දෙවන මට්ටමේ සහ ඇල්පිටිය ප්‍රදේශයට පළමු මට්ටමේ නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල ප්‍රදේශයට නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද තවදුරටත් දීර්ඝ කර ඇත.

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල සීතාවක, මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබේ.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version