පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 5ක ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්රික්කවල ප්රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැය 24ක කාලයක් බල පැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය ප්රකාශ කර ඇති බව සදහන්.
මාතර දිස්ත්රික්කයේ පිටබැද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ සහ අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසයවලට සහ හම්බන්තොට දිස්ත්රික්කයේ වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයටද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.
ඊට අමතරව කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, පාලින්ද නුවර සහ රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර තිබේ.