ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන.

පවතින අධික වර්ෂාව හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (30) රාත්‍රී 7.30 සිට හෙට (31) රාත්‍රී 7.30 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ .

වාර්තා වන ආකාරයට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, දෙහිඕවිට, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ කෑගල්ල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල සඳහා ද පළමු මට්ටමේ නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රදේශ සඳහන් නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා වර්ධනය කර තිබේ .

Exit mobile version