නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ.

බදුල්ල , මාතර , කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබූ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ එම නාය යෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඊයේ (03) පස්වරු 4.00 සිට අද (04) පස්වරු 4.00 දක්වා කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කළ බව සඳහන්.

Exit mobile version