රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට නායයාමේ අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ .
මෙම නිවේදන නැවත දැනුම් දෙන තෙක් බලාත්මක බවට රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
රත්නපුර ,ඇලපාත ,කුරුවිට ,ඇහැලියගොඩ ,සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යෑමේ අදියර දෙක යටතේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් .
නායයෑම් අවදානම් සහිත බැවින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අනතුරු අඟවා තිබේ .
කහ නිවේදනය හෙවත් නායයෑම් අවදානම් කලාපවල ජනතාවට ව්මසිලිමත්ව සිටින ලෙස නිවිතිගල ,ඕපනායක ,වැලිගෙපොල ,බළංගොඩ ,ඉඹුල්පේ ,අයගම ,කහවත්ත ,පැල්මඩුල්ල ,කිරිඇල්ල ,ගොඩකවෙල සහ කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ .