කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව අනාවරණය වේ.
ඉකුත් වසර දෙකක කාලය තුළදී කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් මෙම මුදල අයවිය යුතුව ඇතැයිද එම මණ්ඩලයේ ආරංචිමාර්ග කියයි.
කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්රගතිය සොයා බැලීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.