තුල්හිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
ඉන් 03 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනෙක් තුවාලකරුවන් වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් .
අනතුරෙන් මිය ගිය කාන්තාව 50 හැවිරිදි ගුරුවල දොම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි .
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.