ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව මෙරටට දිස් වෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොදින් දැකගත හැකි බවයි.

මෙලෙස උල්කාපාත වර්ෂාව හෙට(18) සහ අනිද්දා (19) දිනයන්හීදී දැකගැනීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.

මෙහිදී පැයකට උල්කාපාත 10- 15ත් අතර දැකිය හැකි බව සදහන්.

මේ දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාතය දැකගත හැකි බව වාර්තා වේ.

Exit mobile version