වී වගාව සඳහා යුරියා පොහොර ලබාදෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට ද යුරියා පොහොර ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම සාකච්ඡාවේ දී අදහස් පළ කළ ගොවි නියෝජිතයින් සඳහන් කර ඇත්තේ , පවතින නියඟය සහ පොහොර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයන්ට ලක්ව ඇති බවත් , මේ හේතුවෙන් වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබාදීම සඳහා පියවර ගන්නා ලෙසත් ය.
ගොවි නියෝජිතයන් කළ ඉල්ලීම සලකා බලමින් ඊට පිළිතුරු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන මහ කන්නයේ සිට වී වගාවට යුරියා පොහොර ලබාදෙන මිලටම එළවළු ගොවීන්ට ද යුරියා පොහොර ලබාදීමට පියවර ගන්නා බවත් , ලංකා පොහොර සංස්ථාව හා කොමර්ෂල් පොහොර සමාගම විසින් එළවළු හා සෙසු වගාවන් සඳහා මිශ්‍ර පොහොර සකස් කරන අතර එම පොහොර ද වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ය.