තුන් වැනි මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම්.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දරටත් මෙම තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දෙවැනි මට්ටටමේ නාය යෑම් අවදානම් නිවේදන, ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කර තිබේ.

Exit mobile version